මෙම PLC for Beginners පාඩම් මාලාවේ 04 වන වීඩියෝවෙන් කතා කරන්නේ
PLC Timers වර්ග: 100ms, 10ms සහ Retentive Timers (බලය විසන්ධි වුවත් මතකය රඳවා ගන්නා ටයිමර්ස්) පිළිබඳ හැඳින්වීම, Retentive Timers ප්‍රායෝගික භාවිතය: විදුලිය විසන්ධි වී නැවත පැමිණි විටත් ක්‍රියා විරහිත වූ තැන සිට කාලය ගණනය කරන ආකාරය, PLC Counters වර්ග: 16-bit සහ 32-bit කවුන්ටර්ස් මෙන්ම Retentive Counters පිළිබඳ පැහැදිලි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා කවුන්ටර් භාවිතය: භාණ්ඩ ප්‍රමාණයක් ගණනය කර (Product Counting) පද්ධතියක් පාලනය කරන ආකාරය, ප්‍රායෝගික පරිපථ නිර්මාණය: එක් පුෂ් බටන් (Push Button) එකක් භාවිත කර ලාම්පුවක් ON/OFF කරන ආකාරය (Single Button Control), Flasher/Blinking පරිපථයක් යම් වාර ගණනකට පසු ස්වයංක්‍රීයව නතර වන ලෙස සකසන ආකාරය පැහැදිලි කරන මෙම වීඩියෝව ඔබ NVQ Level 4 හදාරන ශිෂ්‍යයෙකු හෝ විදුලි කාර්මික ක්ෂේත්රයේ නියැලෙන්නෙකු නම්, ඔබේ තාක්ෂණික දැනුම ඉහළ නංවා ගැනීමට මහඟු අත්වැලක් වනු ඇත.
මෙම PLC for Beginners පාඩම් මාලාවේ 05 වන වීඩියෝවෙන් කතා කරන්නේ
ටැංකියක ජල මට්ටම ස්වයංක්‍රීයව පාලනය කරන ආකාරය (Tank Level Control using Sensors).
භාණ්ඩ ප්‍රවාහනය කරන පටියක් දෙපසට ක්‍රියා කරවන ආකාරය (Bi-directional Conveyor Control).
මෙහිදී Timer හෝ Counter භාවිතා නොකර සරල Ladder Logic මගින් පද්ධතියක් ගොඩනගන ආකාරය සහ GX Works 2 මෘදුකාංගය හරහා එය Simulate කර බලන ආකාරයත් පියවරෙන් පියවර පෙන්වා දෙනවා.